මුදල් ඇමති පත්කිරීමේ අවසන් දිනය අදයි.. පාර්ලිමේන්තුව ඇරඹෙයි.(LIVE)

Sri Lanka Parliament Political
By Aruna Apr 08, 2022 04:54 AM GMT
Aruna

Aruna

Report

අදත් පාර්ලිමේන්තුව උදෑසන 10.00ට ආරම්භවී තිබෙනවා. රටේ මේ වන විට උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව වාද විවාද සිදු කිරීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස කේ එම් එම් සිරිවර්ධන ඊයේ සිය පත්වීම් ලිපි භාර ගත්තා.

මූල්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිත ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුරු දැරූ අයෙක්.

මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ එම් එම් සිරිවර්ධන ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අයෙක්.

මේ අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ මූල්‍ය උපදේශකවරයෙකු පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ සතියේ සාකච්ඡා ආරම්භ නොකළහොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදුකළ නොහැකි වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නම් අද දිනය තුළ මුදල් අමාත්‍යවරුයෙකු ඇතුලු අදාළ පත්කිරීම් සිදු කළ යුතුව ඇති බවටයි වාර්තා පළ වන්නේ.

 ඒ අනුව පාර්ලිමේන්තුව සජීවීව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now