ලෝක කුසලාන තරග මග දමා හදිසියේම සානා යළි මව් රටට

Cricket Pakistan national cricket team ICC Women’s T20 World Cup Sports
By Piyumika Oct 10, 2024 04:12 PM GMT
Piyumika

Piyumika

Report

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙමින් තිබෙන T20 කාන්තා ලෝක කුසලානය අතරතුර පාකිස්තාන කණ්ඩායම් නායිකා ෆාතිමා සානා යළි මව් රටට ගොස් තිබෙනවා.

ඉදිරි පැය 24 ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

ඉදිරි පැය 24 ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

ඒ ඇයගේ පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන්.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසන්නේ ඇයට පාකිස්තානය වෙත එමීර් සිට යා හැකි පළමු ගුවන් යානයෙන් ම සිය නිවෙස බලා පිටත්ව යාමට ඉඩකඩ සලසා ඇති බවයි.

ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයකු අපරාධ විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරයි ...

ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයකු අපරාධ විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරයි ...

ඇය පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන පරිදි අද (10) රාත්‍රියේදීම කරච්චි නුවර වෙත පැමිණෙනු ඇති.

මේ හේතුවෙන් හෙට (11) ඔස්ට්‍රෙලියාවට එරෙහිව ඩුබායි හි දී පැවැත්වෙන මීළඟ තරගයේ නායකත්වය පාකිස්තාන කණ්ඩායමේ මුනීබා අලි හට හිමිව තිබෙනවා.