මිහින්තලයේ වැව් බැම්මකින් හමුවූ සැකසහිත පාර්සලයක ටී-56 ගිනි අවියක් ඇතුළු භාණ්ඩ රැසක්

Report

මිහින්තලය, මහකනදරාව වැව් බැම්මේ හිමිකරුවෙකු නොමැතිව තිබූ සැකසහිත පාර්සලයක තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක්, එම ගිනි අවියට යොදන මැගසින් 04ක් සහ පතරොම් 25ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකසහිත පාර්සලයක් වැව් බැම්මේ තිබෙන බවට ඊයේ (04) ලැබුණු තොරතුරකට අනුව මිහින්තලය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂාවේදී මෙම ගිනි අවිය ඇතුළු භාණ්ඩ තොගය සොයාගෙන ඇත.

ගිනි අවිය සහ පතරොම් ඇතුළු මෙම භාණ්ඩ එම ස්ථානයට රැගෙනවිත් දමා ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට - අඩු කළ මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට - අඩු කළ මිල ගණන් මෙන්න

අද සිට දිවයිනටම වලංගු ගැසට් නිවේදනයක් - ආයේ ටින් මාළු මේ මිල ගණන්වලට වඩා වැඩියෙන් විකුණන්න බෑ

අද සිට දිවයිනටම වලංගු ගැසට් නිවේදනයක් - ආයේ ටින් මාළු මේ මිල ගණන්වලට වඩා වැඩියෙන් විකුණන්න බෑ