මෙතෙක් අපි දැකපු ලෝක සිතියම වෙනස් වෙයි - අප්‍රිකාව සිතියමෙන් ලොකු වෙද්දී ඇමරිකාව පමණක් විරුද්ධ වෙයි

Report

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක සිතියම වඩාත් නිවැරදිව භූමි ප්‍රමාණයන් නිරූපණය කිරීම සඳහා නව සිතියම් ප්‍රක්ෂේපණයක් භාවිත කිරීමට යෝජනාවක් සම්මත කර තිබේ.

මෙම යෝජනාවට රටවල් 164ක් සහාය පළ කර ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ. තවත් රටවල් හයක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. මෙහිදී යෝජනා කර ඇත්තේ “Equal Earth” නමින් හැඳින්වෙන සිතියම් ප්‍රක්ෂේපණය භාවිත කිරීමයි.

එය සාම්ප්‍රදායික Mercator සිතියමට වඩා ලෝකයේ මහාද්වීපවල සැබෑ සාපේක්ෂ භූමි ප්‍රමාණය නිවැරදිව පෙන්වීමට නිර්මාණය කර ඇත. අප්‍රිකාව විශාලව පෙනෙන නව සිතියම 1569දී ෆ්ලෙමිෂ් සිතියම් විද්‍යාඥ Gerardus Mercator විසින් නිර්මාණය කළ Mercator සිතියම මුහුදු ගමනාගමනය සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වුවද, මහාද්වීපවල සැබෑ ප්‍රමාණය නිරූපණය කිරීමේදී විශාල විකෘතිතා ඇති කරයි.

iPhone 18 Pro කැමරාවේ සුපිරි වෙනසක් - ඡායාරූප ලෝලීන්ට වැදගත් ආරංචියක්

iPhone 18 Pro කැමරාවේ සුපිරි වෙනසක් - ඡායාරූප ලෝලීන්ට වැදගත් ආරංචියක්

විශේෂයෙන් උතුරු අර්ධගෝලයේ ප්‍රදේශ විශාලව පෙනෙන අතර, සමකයට ආසන්න ප්‍රදේශ සාපේක්ෂව කුඩා ලෙස පෙනේ. ඒ හේතුවෙන් යුරෝපය සහ උතුරු ඇමරිකාව සැබෑ ප්‍රමාණයට වඩා විශාලවද, අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව කුඩා ලෙසද දිස්වේ.

2018දී සිතියම් විද්‍යාඥයන් පිරිසක් හඳුන්වා දුන් Equal Earth ප්‍රක්ෂේපණය මඟින් අප්‍රිකාව, ලතින් ඇමරිකාව, දකුණු ආසියාව සහ ඕෂනියාව වැනි ප්‍රදේශ වඩාත් නිවැරදි සාපේක්ෂ ප්‍රමාණයකින් පෙන්වයි. “සිතියම් කිසිවිටෙකත් මධ්‍යස්ථ නැහැ” යෝජනාව ඉදිරිපත් කළ ටෝගෝ රාජ්‍යයේ විදේශ අමාත්‍ය Robert Dussey පවසා ඇත්තේ සිතියම් අධ්‍යාපනයට සහ ජනතාවගේ ලෝකය පිළිබඳ අවබෝධයට බලපෑම් කරන බවයි.

ඔහු පෙන්වා දී ඇත්තේ ලෝකයේ විකෘති නිරූපණයක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාමෙන් වැරදි අවබෝධයක් තවදුරටත් පැවතිය හැකි බවයි. ඇමරිකාවෙන් විරෝධය කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපදය මෙම යෝජනාව දැඩි ලෙස විවේචනය කර තිබේ.

ඇමරිකානු නියෝජිත Yaryna Ferencevych පවසා ඇත්තේ ලෝකයේ සැබෑ ගැටලු වෙනුවට 16 වැනි සියවසේ සිතියම් සහ ඒවාට සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම එක්සත් ජාතීන්ගේ ආයතනයේ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න මතු කරන බවයි. ප්‍රංශයත් නව සිතියමට නව සිතියම් ක්‍රමයට සහාය දක්වන යෝජනාවට සම-අනුග්‍රහය දැක්වූ ප්‍රංශයද Mercator සිතියම අත්හැරීමට තීරණය කර තිබේ.

ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noel Barrot පවසා ඇත්තේ Mercator සිතියම තුළ ඇමරිකාව, රුසියාව සහ චීනය අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ අග්නිදිග ආසියාවට සාපේක්ෂව අතිශය විශාල ලෙස පෙනෙන බවයි. ඔහු සඳහන් කළේ “සිතියම් වෙනස් කිරීමෙන් ලෝකය වෙනස් නොවන නමුත්, විකෘති නිරූපණයක් නිවැරදි කිරීම සත්‍යය පිළිගැනීමේ පියවරක්” බවයි. මෙම නව සිතියම් ක්‍රමය පිළිබඳ උනන්දුව ඉහළ යාම සිදුවන්නේ අප්‍රිකානු රටවල් සමඟ, විශේෂයෙන්ම තම හිටපු යටත් විජිත සමඟ, සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රංශය උත්සාහ කරන අවස්ථාවකය.

''ඉරාන යුද්ධය දිග්ගැස්සෙයි'' - ඇමෙරිකානු හමුදා 2027 දක්වා මැද පෙරදිග රැඳවීමට සූදානමක්

''ඉරාන යුද්ධය දිග්ගැස්සෙයි'' - ඇමෙරිකානු හමුදා 2027 දක්වා මැද පෙරදිග රැඳවීමට සූදානමක්