පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට දරුණු ප්‍රහාරයක් -18ක් මරුට
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් සංවිධානය පවසයි.
ඇෆ්ගනිස්තානය මෙවන් ප්‍රහාර පිළිබඳව සිවිල් නිවාස සහ ආගමික පාසලක් ඉලක්ක කරගෙන සිදු කර ඇති බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, පාකිස්තානය පවසා ඇත්තේ, මෙම ප්‍රහාර පකිස්තාන-ඇෆ්ගනිස්තාන සීමා අසල සටන්කාමී කඳවුරු සහ සැඟවුණු ස්ථාන හතක් ඉලක්ක කරමින් එල්ල කර ඇති බවයි.
මේවා පසුගිය දිනවල පාකිස්තානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරවලට පසු ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කර තිබේ. ඒ අතර, ඔක්තෝම්බර් මාසයේදී දෙරට අතර සටන් විරාමයකට එකඟ වුනද, දිගින් දිගටම ගැටුම් පැවති බවද වාර්තා වේ.