පකිස්ථාන ක්‍රිකට් ටීම් එකේ අලුත්ම වෙනසක් - එකවරම සිදු කළ දේ මෙන්න.

By krishani Nov 21, 2023 03:44 PM GMT
Report

පාකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නව පන්දු යැවීමේ පුහුණුකරුවන් දෙපලක් පත්කර තිබේ.

අද රැස් වූ ICC මගින් මෙරට ක්‍රිකට් තහනම ගැන ගත් විශේෂ තීරණය මෙන්න.

අද රැස් වූ ICC මගින් මෙරට ක්‍රිකට් තහනම ගැන ගත් විශේෂ තීරණය මෙන්න.


ඒ අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක උමාර් ගුල් වේග පන්දු යවන පුහුණුකරු ලෙසද හිටපු ක්‍රිකට් ක්‍රීඩක සයිඩ් අජ්මාල් නව දඟ පන්දු පුහුණුකරු ලෙසද පත් කර ඇති බව එරට මාධ්‍ය පවසයි.

ක්‍රිකට් බලධාරීන් පවසන්නේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් මේ සදහා පත් කිරීම තුළින් ඔවුන්ගේ අත්දැකීම් පකිස්ථාන කණ්ඩායම නගා සිටුවීමට මහත් පිටුවහලක් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, කණ්ඩායමේ පළපුරුදු හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙලෙස නව තනතුරු සඳහා පත් කිරීමට කටයුතු කර තිබෙනවා.