අද රැස් වූ ICC මගින් මෙරට ක්‍රිකට් තහනම ගැන ගත් විශේෂ තීරණය මෙන්න.
අද (21) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අනුමත කර තිබෙනවා.
ඒ අනුව ක්‍රිකට් තහනම පැවතිය ද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙයි.
ඒ බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම එහිදී ගත් තවත් තීරණයක් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අර්ජුන රණතුංග මහතාගේ සභාහපතීත්වයෙන් යුත් අන්තර් පාලන කමිටුවක් ද පත් කළේ ය.
ඊට පසු දින අමාත්‍යවරයා පත්කරන ලද අන්තර් පාලන කමිටුවේ කටයුතු දින 14කට අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කළේ ය.
එම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් ය.
මේ අතර පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැඩි අර්බුදයකට ලක් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපි කිහිපයක් නිකුත් කරමින් කරුණු දක්වා ඇත.
එවන් පසුබිමක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළේ ය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ සහ ක්‍රීඩා අමාත්‍යවරයා කැදවු විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ ක්‍රිකට් සභාපතිවරයා අයිසීසීයට යැවු ලිපියකින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසට ඉල්ලා ඇති බවයි.
නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදන දෙකක් යොමුකරමින් සදහන් කළේ අදාළ චෝදනා සම්පුර්ණයෙන් අසත්‍ය බවයි.