පද්මේට තවත් කෙළවෙයි - ගෝල බාලයොත් බඩුත් එක්කම අත්අඩංගුවට
රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම පිළිබඳව තවත් තොරතුරු හෙළිව තිබෙනවා.
ඒ අනුව අඳාළ වැටලීම සිදු කර ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේයි.
ඊයේ (30) සවස සිදුකර ඇති මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දැනට අත්අඩංගුවේ පසුවෙන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයක් තිදෙනෙක් බව පවසයි.
එසේම අඳාළ සැකකරුවන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවන්නන්.
එමෙන්ම මොවුන් වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත.
මේ අතර වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 165ක් සොයාගෙන තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (31) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.