රටේම ගොවීන්ට සතුටු පණිවුඩයක් - අපේක්ෂිත ඉලක්ක අභිබවා රජය වී මිලදී ගනියි
රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 46,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තවමත් අඛණ්ඩව සිදුවන බවයි.
ඒ අද (31) දින මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
එසේම ඔහු පැවසුවේ වී මෝල් සහ සමූපකාර පදනම් කරගනිමින් රාජ්‍ය මැදිහත්වීම මත වී මිලදී ගැනීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ කර ඇති බවයි.
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉකුත් ජූලි 13 වැනි දින ආරම්භ කරනු ලැබූ අතර ඒ අනුව වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත.
එසේම මින් පෙර රජය පැවසුවේ මෙවර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ වී මෙට්‍රික් ටොන් 39,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.
කෙසේ වුවද එම අපේක්ෂිත ඉලක්ක අභිබවා වී මිලදී ගැනීමට රජය කටයුතු කළ අතර ඉකුත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ අපේක්ෂිත ඉලක්කය ඉක්මවා වී මිලදී ගැනීම සිදුකළ බවයි.
[LBLSSP5[