වර්ෂාව නිසා පහත් බිම් ජලයෙන් යටවෙයි.

Sri Lanka Weather
By Hashini Oct 19, 2023 04:47 AM GMT
Hashini

Hashini

Report

 ඊයේ (18) පස්වරුවේ බගවන්තලාව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ගිගුරුම් සහිත අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

පහත්බිම් හරහා වතු කිහිපයකට පිවිසෙන මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී තිබීම නිසා මාර්ගයේ රථ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා.

බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හෙට්ඝුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 05 දක්වා ආසන්න වී ඇති බවයි කාසල්රි ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසුවේ.

ReeCha