දැඩි මානසික පීඩාව හේතුවෙන් කොස්තාපල් සටහනක් තබා පොලීසියෙන් පිටව යයි
අලුත්ගම ප්‍රදේශයෙන් විවේකයක් නොමැතිව දිගින් දිගටම රාජකාරි කටයුතුවල යෙදවීම සහ ඒ හේතුවෙන් ඇති වූ දැඩි මානසික පීඩනය නිසා පොලීසියෙන් පිටත්ව ගිය කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වෙයි.
මෙලෙස පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටින, අලුත්ගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි.
වාර්තා වන පරිදි, ඔහු අද (07) දහවල් දින විවේකයකින් තොරව දිගු කාලයක් රාජකාරියට යොදවා තිබීම හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇත.
එම තත්ත්වය මත තමන්ට තවදුරටත් රාජකාරිය සිදු කිරීමට නොහැකි බව පවසා, ඒ පිළිබඳ සටහනක් පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇති අතර, තම පෞද්ගලික දේපළ රැගෙන ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.