සියලුම පළාත් පාලන ආයතනවලට වහාම ක්‍රියාත්මක වෙන්න උපදෙසක්

Report

ආපදාවට ලක් වූ ප්‍රදේශවල නිවාස සහ ගොඩනැගිලි පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කිරීමේදී බැහැර කරන අපද්‍රව්‍ය වහාම අදාළ කසළ අංගන වෙත ගෙනයන ලෙසට සියලුම පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදාවට ලක් වී ඇති බොහෝ ප්‍රදේශවල පිරිසිදු කිරීම් කටයුතුවලදී අපද්‍රව්‍ය විශාල වශයෙන් බැහැර වන බවයි.

එබැවින් ඒවා නිවාස ඉදිරිපිට ගොඩ ගසා ඇති නිසා ඒවා කඩිනමින් ඉවත් කිරීම සඳහා සියලුම අදාළ පළාත් පාලන ආයතනවල අවධානය යොමු විය යුතු බව දක්වයි.

රටම භීතියෙන් - අවදානම පරීක්ෂාවට ඉල්ලීම් 1127 ක්

රටම භීතියෙන් - අවදානම පරීක්ෂාවට ඉල්ලීම් 1127 ක්

ගොඩ ගැසෙන අපද්‍රව්‍ය වහාම ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවත් එය නොකඩවා සිදුකරන ලෙසට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් තම අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවත් චන්දන අබයරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දරුවන්ට සහන - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

දරුවන්ට සහන - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ආදායම් බදු වාර්තා සම්බන්ධයෙන් සියලු දෙනාටම විශේෂ නිවේදනයක්

ආදායම් බදු වාර්තා සම්බන්ධයෙන් සියලු දෙනාටම විශේෂ නිවේදනයක්