රටම භීතියෙන් - අවදානම පරීක්ෂාවට ඉල්ලීම් 1127 ක්
අවදානම් ස්ථාන පරීක්ෂාකර දෙන මෙන් ජනතාවගෙන් ඉල්ලීම් 1,127 ක් ලැබී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ප්‍රකාශ කළා.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට පසුගිය නොවැම්බර් මස 20 වැනිදා සිට දෙසැම්බර් මස 04 වැනිදා දක්වා කාලය තුළදී මෙම ඉල්ලීම් ලැබී ඇති බව ඔහු පැවසුවා.
පසුගිය නොවැම්බර් මස 17 වැනිදා සිට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කළ බවද ඔහු සඳහන් කළා.
මෙසේ අවදානම් ස්ථාන පරීක්ෂා කරන ලෙස ඉල්ලුම් කර ඇත්තේ එම ස්ථාන මේ වනවිට නාය ගොස් හෝ නායයෑමේ ලක්ෂණ මතුවීම හේතුවෙන් බවද ඔහු කියයි.
ඒ අනුව බෑවුම් අස්ථාවරවීම් නිසා සිදුවූ නායයෑම් 118 ක්ද, කණ්ඩි කඩාවැටීම් 200 ක්ද, ගල් පෙරළීම් 34 ක්ද, වෙනත් 44 ක් (රැඳවුම් බැමි අස්ථාවර වීම, ගිලා බැසීම්, ගං ඉවුරු අස්ථාවර වීම්, දිය බුබුළු, බොරදිය උල්පත් මතුවීම් යනාදිය) වාර්තා වන බවද ඔහු ප්‍රකාශ කළා.
එසේම මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරු ලබාදෙන ප්‍රමුඛතා ලැයිස්තුව මත ආදාළ ස්ථානීය පරීක්ෂණ සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.