පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගිය කෘතියෙන් විපක්ෂය කැළඹෙයි - උත්සවය අතරමැද වෙච්චි දෙයින් කට්ටියම නැගිටලා යයි

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු ඔවුනට දුරකථන මාර්ගයෙන් එල්ල වූ දැඩි දෝෂාරෝපණ නිසා එම උත්සවය අතරමඟදී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වී ඇත.

ඒ අනුව අඳාළ උත්සවය පැවැත්වුණේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීයි. පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වය කවුදැයි මැතිවරණ වේදිකාවේදී පුන පුනා පවසමින් ඒ පාර්ශවයේම උත්සවයකට සහභාගි වෙමින් ඔවුනට සුදුහුණු ගෑම ඉතාම කැත පහත් වැඩක් බවට අඳාළ දුරකථන ඇමතුම් දුන් අය පවසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

එමෙන්ම විපක්ෂයේ නායකයන්ට මෙසේ දුරකථන ඇමතුම් දුන් පිරිස අතර කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකුද සිටින බවට දැනගන්නට ලැබී ඇති බවට ආරංචි පැතිරෙයි.

එබැවින් මේ කාරණය ඉදිරියේදී ජනතාවට හෙළිදරව් කිරීමටද එම පියතුමන්ලා බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතාගේ එම උත්සවයට විපක්ෂයේ නායකයන් සහභාගි වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් දැනටමත් සිය කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්