"සුපිළිපන් සමාජයක් වෙනුවෙන් ‘කෘතගුණ සැලකීම’ ප්‍රගුණ කරමු".. විපක්ෂ නායකගෙන් තෛපොංගල් උත්සවයට සුබ පැතුම්..

By Piyumika Jan 14, 2025 02:18 AM GMT
Report

සුපිළිපන් සමාජයක් වෙනුවෙන් ‘කෘතගුණ සැලකීම’ ප්‍රගුණ කරමු යැයි තෛපොංගල් දිනයට සුබ පැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

පරිවර්තනීය මුලපිරීමකට ව්‍යාපෘති ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක්..-ජනාධිපති

පරිවර්තනීය මුලපිරීමකට ව්‍යාපෘති ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක්..-ජනාධිපති

බහු ආගමික, බහු ජාතික සහ බහු භාෂාමය ජන සමාජයක් ඇති අපගේ මාතෘ භූමියේ විවිධත්වයෙන් එකමුතුවට මඟපාදන තවත් ජාතික උත්සවයක් ලෙස සියලු‍ දෙනා එක්ව තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අපගේ සංස්කෘතික උරුමයක් සුරැකීමට හේතුවක් ද වනු ඇත.

එබැවින් වසර දහසකට වඩා ඉතිහාසයකට දිවෙන තෛපොංගල් උලෙළ සමරන ශ්‍රී ලංකාවාසී සහෝදර සහෝදරියන්ට ඉමහත් සතුටින් සුබපැතුම් එක් කරන බව විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය තුමියගේ තෛපොංගල් දින සුභ පැතුම...

අග්‍රාමාත්‍ය තුමියගේ තෛපොංගල් දින සුභ පැතුම...

එමෙන්ම, රටක ජනතාව වෙනුවෙන් වගකීම භාරගත් පාලක පක්ෂයට ජනතා වගකීම් ඉටු කිරීම යනු තමා වෙත එම බලය පැවරූ ජනතාවට පුද කරන කෘතවේදීත්වයක් සහ වගවීමක් ලෙස හඳුනා ගැනීමට ⁣තෛපොංගල් උත්සවයේ යටි පෙළ නිවැරදිව කියවා ගැනීමෙන් හැකියාව ලැබෙනු ඇති බවයි සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

You may like this video