අලි ඝාතන පිටුපස සඟවා ඇති විපක්ෂ කුමන්ත්‍රණය? - පරිසර ඇමැති
වන අලි ඝාතන රැලි දෙකක් නිර්මාණය වී ඇති බවත්, වර්තමානයේ පවතින්නේ එහි දෙවැනි රැල්ල බවත් පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුව අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙනවා. වෛද්‍යවරුන් 12 දෙනෙක් ඉන්නවා. පසුගිය ජුලි 10 වැනිදා වන විට එම වෛද්‍යවරුන්ට වෙඩි වැදුණු අලි 9 දෙනකුට ප්‍රතිකාර කිරීමට සිදු වුණා.
දින කිහිපයකින් එම සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියා. මෙහි සංවිධානාත්මක සැලැස්මක් ඇති බව පෙනෙනවා. අලින්ගේ කකුල්වලට වෙඩි තබා ඔවුන් දුක් විඳිමින් මිය යාමට සැලැස්වීමේ උත්සාහයක් තිබෙනවා.
එය ජනතාව කුපිත කිරීමේ සැලැස්මක්ද යන සැකයක් මතුවෙනවා. විපක්ෂය වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයන් අධෛර්යට පත්වන ආකාරයට කටයුතු කරනවා.
කරුණාකර වන අලි ඇතුන් දේශපාලනයට යොදා නොගන්න. භාතිය ඇතා වෙනුවෙන් අපි විශාල ලෙස මැදිහත් වුණා. ඉන්දියාවේ වන්තාරා ආයතනයෙන් වෛද්‍යවරුන් පවා ගෙන්වූවා.
එතරම් උත්සාහයක් ගත්තා. නමුත් වන්තාරා ආයතනයෙන් වෛද්‍යවරු ගෙන්වූයේ ඇතා මරා දමන ලෙස ප්‍රකාශ කිරීමටයි. වන අලි ඝාතන රැලි දෙකක් නිර්මාණය කර තිබෙනවා. දැන් යන්නේ ඒ දෙවැනි රැල්ල. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත්” ඇමැතිවරයා පැවසීය.
ඇමැති ධම්මික පටබැඳි මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි.
