දරුවාගේ අනාගතය වෙනස්වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙන්න

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරියේදී විභාග ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකට සහභාගි වෙමිනි.

කෙසේ වුවත්, ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල් පැවැත්වෙන කාලය උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර තිබුණත්, ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පද්ධති තවමත් සූදානම් නොමැති බැවින් එය තරමක අභියෝගාත්මක බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

එසේම, පවතින පාසල් කාල පරිච්ඡේදය දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. විභාග අන්තර්ගතය සිසුන්ට පීඩාකාරී නොවන ලෙස වෙනස් කිරීමේ ක්‍රියාවලිය 2028 වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

වාර විභාග සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා හෙට (24) සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඇය සඳහන් කළාය. එමෙන්ම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න

අද රන් මිල වෙනස් වුණු හැටි – මිල ගණන් මෙන්න