දැනටමත් බර ගාණක සල්ලි වලට තට්ටු කරලා.. සියලූම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අන්තර්ජාලය හරහා සිදුකරන මුදල් ජාවාරම් සම්බන්ධයෙන් මේ මාසයේ ගත වු දින කිහිපය තුළ පමණක් පැමිණිලි 230කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

"මෝටර් සයිකලයකට ලයිසන් එකක් දුන්න මනුස්සයෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කීවොත් මොකද වෙන්නෙ.."- සමාජ මාධ්‍ය කැළඹුව සිද්ධිය ගැන දමිතා දැන් කියන දෙය..(VIDEO)

"මෝටර් සයිකලයකට ලයිසන් එකක් දුන්න මනුස්සයෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කීවොත් මොකද වෙන්නෙ.."- සමාජ මාධ්‍ය කැළඹුව සිද්ධිය ගැන දමිතා දැන් කියන දෙය..(VIDEO)


අන්තර්ජාල ගිණුම්වල ආරක්ෂාව වෙනුවෙන් බැංකු මගින් නිකුත් කරන උපදෙස් නොතැකීම නිසා එවැනි විවිධ ජාවාරම්වලට ඔවුන් හසුව ඇත.

මේ අතර, එවැනි ජාවාරමකට සම්බන්ධ බවට සැකකරන චීන ජාතිකයින් ඇතුළු විදේශකයින් පිරිසක් අද (09) පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණින.

ඒ බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව පානදුර ගොරකාන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙකු පානදුර උතුර පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැණින.

ඔවුන් එම හෝටලය මාසිකව ලක්ෂ විස්සක කුලී පදනම මත ලබාගෙන තිබෙනවා.

එහිදී එම පුද්ගලයින් සතුව තිබූ ලැප්ටොප් පරිගණක 05ක්, ජංගම දුරකථන 437ක් , තරාදියක්, USB කේබල් 332ක්, USB වයර් 21ක් ජංගම දුරකථන චාජර් 133ක්, රවුටර් 17ක් ඇතුළු තවත් සන්නිවේදන උපාංග කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අලුත් ආණ්ඩුවෙන් දවසින් දවස රටේ වෙනස්කම් වෙනකොට.. අන්න තෙල් මිල වැඩි වෙලා..

අලුත් ආණ්ඩුවෙන් දවසින් දවස රටේ වෙනස්කම් වෙනකොට.. අන්න තෙල් මිල වැඩි වෙලා..


සැකකරුවන් පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

අදාළ චීන ජාතිකයින් පිරිස එම ලැගුම්හලේ නවාතැන් ගෙන අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් මගින් සිදු කරනු ලබයි.

මේ අතර, ලැබුණු පැමිණිලිවලට අනුව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත විදෙස් ජාතිකයින් 40 දෙනෙකු පොලිසිය මගින් පසුගිය 16 වැනිදා ගම්පහ ප්‍රදේශයේ හෝටලයකදී සහ හංවැල්ලේ පෞද්ගලික ආයතනයක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 499ක්, ලැප්ටොප් පරිගණක 25ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 29ක් ද පොලිස් භාරයට ගැණින.

නිදහස් පක්ෂය හැරදා, මෛත්‍රීපාල සිරිසේන ප්‍රබල පක්ෂයකට සපෝට් එක දෙන්න ගිහින්.. හැමෝම පුදුම කරමින් අද හවස වුණ දෙය මෙන්න..

නිදහස් පක්ෂය හැරදා, මෛත්‍රීපාල සිරිසේන ප්‍රබල පක්ෂයකට සපෝට් එක දෙන්න ගිහින්.. හැමෝම පුදුම කරමින් අද හවස වුණ දෙය මෙන්න..


එමෙන්ම, තවත් චීන ජාතිකයින් 19 දෙනෙකු පසුගිය 06 වැනිදා නාවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

අන්තර්ජාල බැංකු කටයුතුවලදි ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු නොකිරීම මෙම ගැටලුවට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

යළි මාස 6කට පසුව පුලුවන්?. රැකියා අයදුම්කරුවන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..

යළි මාස 6කට පසුව පුලුවන්?. රැකියා අයදුම්කරුවන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව අදාළ ගනුදෙනුවල දී OTP හෙවත්, රහස් අංකයක් අදාළ ගිනුමේ පරිශීලකයා වෙත ලැබීමට සලස්වයි.

නමුත් එම OTP ආරක්ෂණ මුරපදය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන ඇතැමුන් එම රහස් අංකය වෙනත් පුද්ගලයින් වෙත යොමු කිරීම හරහා ඔවුන් මෙම ජාවාරම්කරුවන්ට හසුවීමේ වැඩි අවදානමක් පවති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ විවිධ පුද්ගලයින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යොදාගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි.

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට.. එන පක්ෂය මෙන්න..(VIDEO)

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහ මැතිවරණයට.. එන පක්ෂය මෙන්න..(VIDEO)


ඇතැම් අවස්ථාවන්වලදි බැංකු නියෝජිතයින් ලෙස පවා පෙනී සිටිමින් ඇතැම් පුද්ගලයින් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් දෙමින් ගිණුම් හිමියන් නොමග යවන බවට ද පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එවැනි අන්තර්ජාල මූල්‍ය වංචාවලට හසුවු ඇතැම් පුද්ගලයින්ගේ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන ඇති බවට ද මේ වන විට අනාවරණ වී ඇති බව සඳහන් වේ.