විනයක් ඇති රාජ්‍ය සේවයක් රටට ඕනේ - ජනපති අනුර

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වී, සිය අදහස් සහ උපදෙස් පල කළේය. ජනාධිපතිවරයා සඳහන් කළේ, සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, විනය සහ වගකීම සහිත රාජ්‍ය සේවයක් රටට අත්‍යවශ්‍ය බවයි.

විමර්ශන සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට

විමර්ශන සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට

අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කරගෙන ඇති හමුදාවක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත වර්ණ ප්‍රදානය සිදු කළ අතර, අංක 66, 67, 68 කෙඩෙට් නිලධාරීන් සහ 20 වන කෙඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදෑරූ නිලධාරීන් අධිකාරියට පත් කිරීම, අංක 103 වන පියාසර කෙඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ නිලධාරීන්ට පියාසාර නිල ලාංඡන පැළඳීමද මෙහිදී සිදු කෙරිණි. ජනාධිපතිවරයා, ගුවන් හමුදාව මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීමේ වගකීම, හා ආපදා අවස්ථාවලදී ලබා දෙන පුළුල් දායකත්වය ඇගයනා ලදී. ‘සුරකිමු ලකඹර’ තේමාව යටතේ, මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවය, ක්‍රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම පිළිබඳව ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු කෙරිණි.

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

එමෙන්ම, පාඨමාලාවේ සුවිශේෂී දක්ෂතා පළ කළ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන්ට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක්වී, ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව ප්‍රශංසා කළා.