ෆේස් බුක් එකෙන් සෙට් වුණු සෙට් එක සීතලට ගල්වෙන්න අරන් ගිය බඩු තොගේ එක්කම මාට්ටු

Report

සති අන්ත නිවාඩුව සඳහා විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑළියට පැමිණි 18 දෙනෙකු අද (18) නුවරඑළිය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙහිදී මුහුණු පොත ඔස්සේ හඳුනාගත් පිරිසක්ද සැකකරුවන් අතර සිටින බව වාර්තා වේ. ඔවුන් අද නුවරඑළියේ පැවැත්වීමට නියමිත සාදයක් සඳහා පැමිණි බවයි පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ ඇති අතර, ඔවුන් 18–28 අතර වයස්කරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට

පොලිසිය සොයාගත් විශේෂ ද්‍රව්‍ය අතර සන්තකයේ කුෂ්, හෙරොයින්, අයිස්, මත්පෙති සහ නීති විරෝධී ආනයනය කර ඇති දුම්වැටි ඇතුළත් බව වාර්තා වේ.

නුවරඑළියට පිවිසෙන සියලු මාර්ග ආවරණය කර, නුවරඑළිය කොට්ඨාස පොලිස් සුනඛ අංශයේ සහයෝගයෙන් මාර්ග බාධක යොදා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා. 

මාලිමා මන්ත්‍රීනී ලක්මාලි කට වරද්ද ගනී - අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමට උපදෙස් දීලලු

මාලිමා මන්ත්‍රීනී ලක්මාලි කට වරද්ද ගනී - අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමට උපදෙස් දීලලු