ෆෙන්ෂෙන්ග් කුණාටුව නිසා දහස් ගාණක් ගෙවල් ඇතෑරලා යයි
“ෆෙන්ෂෙන්ග්“ කුණාටුවේ බලපෑම නිසා පැසිෆික් වෙරළ ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව තම නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව එරට කාලගුණ අංශ පෙන්වා දී ඇත්තේ පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් යුතුව ෆෙන්ෂෙන්ග් කුණාටුව වෙරළබඩ ප්‍රදේශයට බලපෑ හැකි බවයි.
එසේම එහි බලපෑම පළමුව කැටන්ඩුආස් දූපතට බලපා හැකි බව ද වාර්තා වේ.
මේ නිසා 270,000ක් පමණ ජනතාවක් වෙසෙන එම දූපතෙන් දැනටමත් පුද්ගලයින් 9,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම වාර්තා වූ ආකාරයට ඇල්බේ පළාතේ වෙසෙන පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසක් ද කුණාටුවේ බලපෑමෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත ස්ථාන වෙත පිටව ගොස් තිබෙනවා.