කාසල්රී ජලතර ගුවන්තොටුපලක් බවට සහතික කිරීමට පරීක්ෂණයක්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් කාසල්රි ජලාශය (Castlereigh Reservoir) ජලතල ගුවන්තොටුපළක් (Water Aerodrome) ලෙස සහතික කිරීම සඳහා අද (18) දින සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ 10 දින පරීක්ෂණයක් (Licensing Audit) සාර්ථකව සම්පූර්ණ කර ඇත.
මෙම පරීක්ෂණය ශ්‍රී ලංකාවේ ජලතල ගුවන්තොටුපළ නියාමන රෙගුලාසි (Water Aerodrome Regulations) අනුකූලව සිදු විය.
ආරක්ෂක හේතූන් මත මෙතෙක් දිවයිනේ බොහෝ ජලාශ වෙත දේශීය ගුවන් ගමන් ක්‍රියාමත්මක කිරීම වෙනුවෙන් පැවති බාධා ඉවත් කරමින් නව රජයේ ගුවන් සේවා සහ සංචාරක කර්මාන්ත සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙළ යටතේ ක්‍රියාමත්මක සැලසුමෙහි එක් අදියරක් ලෙස කාසල්රි ජලාශයේ (Castlereigh Reservoir) පිහිටි ජලතර ගුවන් තොටුපොළ සහතික කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාමත්මක වෙයි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සංචාරකයන් හට කෙටි වේලාවකින් සහ ඉතා පහසුවෙන් මධ්‍යම කදුකරය සහ ඒ ආශ්‍රිත සංචාරක ගමනානත වෙත කාර්යක්ෂමව ගමන් කිරිමට මෙම නව ගුවන් ගමන් සහායක් සපයයි.
එමෙන්ම මෙයට අමතරව පසුගිය දා කොළඹ බේරේවැව පිහිටි ජලතර ගුවන් තොටුපල වෙත යලි ගුවන් ගමන් ආරම්භ වීම සනිටුහන් කල අතර, කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාමත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂා කිරිම් සිදු කරමින් පවතින බවද කොළඹ නගරය සඳහා නව හෙලිකෝපටර් නැවතුම් අංගන දෙකක් හදුන්වා දීම සදහාද කටයුතු කරමින් පවතින බවද, මේ වන විට ජලතර ගුවන්තොටුපල 22 ක් නිසි පරීක්ෂා කිරීමෙන් පසුව මෙහෙයුම් සදහා අනුමත කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මග පෙන්වීම මත සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් දමින්ද රුඹුක්වැල්ල යන මහතුන්ගේ මෙහෙයවීමෙන් රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වමින් සංචාරක ව්‍යාපාරයට මුල්තැන දෙන අභ්‍යන්තර ගුවන් සේවා සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙළක් සිව්ල් ගුවන්සේවා අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇත.
ජල පෘෂ්ඨ මත සහ ගොඩබිම ගුවන් මෙහෙයුම් සිදු කල හැකි ගුවන් යානා (Amphibian Aircraft) මාදිලි සිනමන් ගුවන් සමාගම සතු වන අතර, ඉදිරියේදී එම සංචාරක ව්‍යාපාරයට අත්වැළත් සපයමින් සිය ගමනාන්ත වර්ධනය කිරීමටද, ජෝන් කීල්ස් සමූහයට අනුබද්ධිත සිනමන් ගුවන් සමාගම අපේක්ෂා කරයි. මේ වන විට හැටන් (කාසල්රි ජලාශය) ද ඇතුළුව කොග්ගල, දික්වැල්ල, වික්ටෝරියා, ග්‍රෙගරි සහ දියවන්නා යන ජලතර ගුවන් තොටුපළ වෙතද මඩකලපුව, සීගිරිය, වීරවිල සහ ත්‍රීකුණාමලය යන දේශීය ගුවන් තොටුපල ඇතුලු දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් ක්‍රියාමත්මක කරමින් සිටින අතර, සංචාරක කර්මාන්තයට අත්වැළක් සපයමින් එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම එම ගුවන් සමාගමේ අපේක්ෂාවයි.
සිනමන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ජලතර ගුවන් ගමන් (Sea Plane Operations) දැනට ක්‍රියාමත්මක කරන එකම ගුවන සමාගම ලෙසින් ද කටයුතු කරමින් සිටී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරා සහ ප්‍රධාන විධායක නිළධාරි කපිතාන් දමින්ද රුඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ (ගගන යාත්‍රාංගණ) රංගන සමන්ද්‍රිය මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂිකා (මානව සම්පත් සහ දේපළ කළමණාකරණ) දිලානි කරුණාරත්න මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.