දෙයියනේ මාසෙක කිරි කැටියෙක් මිඩ් වයිෆ්ගේ ගේ ඉස්සරහ දාලා ගිහින්
මහව කෝන්වැව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ නිවස ඉදිරිපිට වයස මාසයක පමණ බිළිඳියක් අද (2) දින දමා ගොස් ඇතැයි මහව පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව පොලීසිය වාර්තා කළේ කෝන්වැව මහව ලිපිනයේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවිකාවක වූ ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවසේ ඉදිරිපස විවෘත කොටසේ පුටුවක් මත මෙසේ මෙම බිළිඳා දමා ගොස් ඇති බවයි.
මෙම සිදුවීම අඳාළ නිවැසියන් විසින් මහව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් මෙම බිළිඳියව නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව පවසයි.
කෙසේ වෙතත් මහව පොලිසිය මගින් මේ සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරයි.
එසේම අඳාළ බිළිඳියගේ මව පියා කවුරුන් දැයි තවම හෙළි වී නැති බවද පොලිසිය වාර්තා කරයි.
