කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා [VIDEO]

Report

පසු ගියදා ඝාතනයට ලක් වූ කජ්ජා නැමැති තැනැත්තා පිළිබඳව ආන්දෝලාත්මක කතාවක් කරළියට පැමිණ තිබේ. ඒ හිටපු රගර් ක්‍රීඩකයෙක් වන වසීම් තාජුඩීන් නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ සිදුවීමට ඔහු සෘජුව සම්බන්ධතාවයක් පවත්වන බවයි. කෙසේ නමුත් තාජුඩීන් ඝාතනය කිරීමට පෙර ඔහුගේ රථය පිටුපස හඹා ආ රථයේ සිටි පුද්ගලයා හඳුනා ගැනීමට අපොහොසත් විය.

ඉන් අනතුරුව කජ්ජාගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය සඳහන් කර තිබුණේ CCTV දර්ශන වලට අනුව එලෙස පිටුපසින් හඹා ආ රථයේ සිටියේ තමන්ගේ ස්වාමිපුරුෂයා හෙවත් කජ්ජා බවයි. ඉන් අනතුරුව ඇය සඳහන් කර ඇත්තේ තමන්ගේ ස්වාමිපුරුෂයාට දීර්ඝ කාලයක් තිස්සේ කොන්දේ අමාරුවක් පවතින බවත් එම CCTV දර්ශන වලත් ඔහු කොන්දට අත තබාගෙන සිටින බවත් එම නිසාම මේ සිටින්නේ ඔහුගේ ස්වාමිපුරුෂයා බව කිය හැකි බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න

CCTV දර්ශණ මගින් තාජුඩීන් ඝාතනයට ආ සෙට් එක සමඟ තම ස්වාමියා වූ කජ්ජා සිටි බවට බිරිඳ හඳුනා ගනී,ඇය කෙරූ හෙලිදරව්ව මෙන්න

නමුත් අද දින ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ කජ්ජාගේ පුතා නමැති තැනැත්තා විසින් විශේෂ කරුණු රැසකින් යුක්ත පාපොච්චාරණයක් සිදුකර තිබේ. ඒ අනුව ඔහු සඳහන් කළේ තමන්ගේ පියා කිසිම විටක මෙවැනි ඝාතනයක් සිදුකිරීමට මූලික නොවන බවයි. ඊට අමතරව මියගිය තමන්ගේ පියාව ඝාතනය කිරීම සඳහා කජ්ජගෙ බිරිඳ හෙවත් ඔහුගේ අම්මට තදබල වුවමනාවක් තිබුණු බව මේ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරනවා.

එයට හේතුව ලෙස කජ්ජගෙ පුතා සඳහන් කරන්නේ,ඔහුගේ මවට තාත්තගෙ ඩ්‍රයිවර් එක්ක අනියම් සම්බන්ධතාවයක් තිබුණා කියලයි. මෙවැනි හේතු කාරණා වලට තාත්තා සෘජුවම සම්බන්ධ වී මැදිහත් වූ නිසා ඇය ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් තිබේ. නිතරම ඇයගේ අනියම් සම්බන්ධතාවයට විවිධ බාධා එල්ලවීමත් සමඟම ඇයට කජ්ජා එහෙමත් නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමට දැඩි වුවමනාවක් තිබුනු බවට ඔහු මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඒ වගේම තාත්තගෙ ඩ්‍රයිවර් එක්ක තිබුණු අනවශ්‍ය සම්බන්ධය කජ්ජගෙ පුතාගේ ඇස් දෙකෙන්ම ඔහු දැක්කා කියලත් ප්‍රකාශ කරනවා.ඊට අමතරව ඔහු සඳහන් කරනවා අම්මා තාමත් ඔහුත් එක්ක කතා කරන්නේ නෑ කියලා.

ඒවගේම තමයි කජ්ජා නමැති මේ පුද්ගලයා ඝාතනය කිරීමට බැකෝ සමන් නැමැති පුද්ගලයා සෘජුවම සම්බන්ධ බව අනාවරණය වීමත් සමගම කජ්ජගෙ පුතා සඳහන් කරන්නේ බැකෝ සමන් නැමැති පුද්ගලයා තාත්තාගේ මළගම අවසන් වූ පසු තමන්ගේ අම්මගේ account එකට ලක්ෂ දෙක හමාරක මුදලක් බැර කර ඇති බවයි.

රනිල් සතිය අයිස් සතිය ඉවර වෙලා දැන් තියෙන්නේ තාජුඩීන්ගේ සතිය, මේක ආණ්ඩුව ඔහුගේ ආත්මයටත් කරන ලොකු අසාධාරණයක් - නාමල්

රනිල් සතිය අයිස් සතිය ඉවර වෙලා දැන් තියෙන්නේ තාජුඩීන්ගේ සතිය, මේක ආණ්ඩුව ඔහුගේ ආත්මයටත් කරන ලොකු අසාධාරණයක් - නාමල්

තාත්තව මරපු මිනී මරුවන්ගෙන් අම්මට සල්ලි ගන්න උවමනාවක් තිබුණේ ඇයි? ඇත්තටම අම්මටත් තාත්තා මරන්න ඕනි උන නිසා නේද කියලා ඔහු මේ අවස්ථාවේදී ප්‍රශ්න කරනවා.

ඒ වගේම මෙම සිදුවීම අතරතුර කජ්ජගෙ බිරිඳ නමැති තැනැත්තිය සිදු කළා යැයි කියන්නා වූ ක්‍රියාවන් රැසක් පිළිබඳව කජ්ජගෙ පුතා මාධ්‍යයට හෙළි කර තිබුණේ පහත ආකාරයටයි.

මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන ඔබට මේ කතාව සියයට සීයක් පැහැදිලි කර ගතහැකි වේ.

වීඩියෝව උපුටා ගැනීම - හිරු නිවුස්