වෙඩි වරුසාවක් - එක් අයෙක් මිය ගොස් තිදනෙකුට තුවාල
නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ දින (1) රාත්‍රී 10ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇත.
ඒ අනුව පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කර තිබෙනවා.
එසේම එහිදී එක් අයෙක් මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.