ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

Report

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (01) පස්වරු 02.00ට නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ.

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

එහිදී, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තරමක වැසි ඇති විය හැක.

එමෙන්ම, උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ පවතින බවත්, වයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව වාර්තා වේ.

විදුලි ගාස්තු 11% කින් ඉහළ යනවද?

විදුලි ගාස්තු 11% කින් ඉහළ යනවද?

තවද, බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය