රටම කළඹමින් මැගසින් බන්ධනාගාරයේත් ලේ හෙල්ලෙයි - උණුසුම මැද රෝහල් ගත කළ 11 න් එක් අයෙක් ජීවිතක්ෂයට
මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති ව තිබුණා.
එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එක් රැඳවියෙකු මෙසේ මිය ගොස් ඇති බව වාර්තා විය.