සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්ව විෂයයන් 7ක් ලබාදීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණ වී තිබේ.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

හෙට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ''ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි පළාත් මෙන්න.''

හෙට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ''ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි පළාත් මෙන්න.''

2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙහිදී පරීක්ෂාවට ලක් වූ අතර, එහි ආරම්භක පියවර ලෙස 2 සහ 6 ශ්‍රේණි සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පොත්, ගුරු මාර්ගෝපදේශ සහ මොඩියුල සකස් කර ගුරු පුහුණු වැඩසටහන් ද දැනට ක්‍රියාත්මක කෙරේ.

එසේම 12 සහ 13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් මොඩියුල හඳුන්වා දීමට ද සැලසුම් කර ඇති අතර, මෙම නව ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

මේ අතර පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම අරමුණු කරගනිමින් ජාතික පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම මෙන්ම ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු ද මේ වන විට අඛණ්ඩව සිදුවෙමින් පවතියි.