හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තෙල් නෞකාවක ගින්නක්

Report

හෝමුස් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි තහනම් කලාපයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී නාවික බෝම්බවලගැටීමෙන් විශාල ප්‍රමාණයේ තෙල් නෞකාවක ගින්නක් හටගෙන ඇති බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, අමෙරිකානු මධ්‍යම බලකාය ඉරානය විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. අමෙරිකානු මධ්‍යම බලකාය සඳහන් කරන්නේ පැනමා ධජය යටතේ යාත්‍රා කළ 'ඊ.අයි. ගයියා'  නමැති අදාළ තෙල් නෞකාව ඉකුත් මාසයේදී ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අක්‍රිය වූ එකක් බවයි.

රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින් දසදහසක් සඳහා මේ රටේ විදේශ රැකියා අවස්ථා

රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින් දසදහසක් සඳහා මේ රටේ විදේශ රැකියා අවස්ථා

එමෙන්ම පසුගිය සති අන්තයේදී ඕමාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී අදාළ නෞකාවට නැවතත් ඉරානය විසින්ම ප්‍රහාර එල්ල කර ඇති බව ද අමෙරිකානු බලකාය වැඩිදුරටත් චෝදනා කරයි.

මේ අතර මෙම පරස්පර ප්‍රකාශ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු තීරයේ ආරක්ෂාව සහ තෙල් ප්‍රවාහන නෞකාවල සුරක්ෂිතතාව පිළිබඳව නැවතත් ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට

ශ්‍රී ලංකා මාතාව රනින් සැරසූ රුමේෂ් දිවයිනට