උඩුදුවන යුද්ධේ නිසා බොර තෙල් මිල තාමත් ඉහළ මට්ටමක
මැදපෙරදිග යුද ගැටුම් නිසා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවමත් ඉහල මට්ටමක පවතින බවට වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 107.2 වශයෙන් සටහන් වේ.
එසේම ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 94.2ක් වශයෙන්.
කෙසේ වෙතත් මැදපෙරදිග පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් මෙතෙක් ස්ථීර විසඳුමක් නොපෙනෙ බැවින් මෙසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල නිතර විවිධ වෙනස්වීම්වලට ලක් වේ.