තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට
ඉරානය ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ඇමෙරිකානු සහ ඊශ්‍රායල ආක්රමණවලට එරෙහිව ඉරානයට සහාය දැක්වීම වෙනුවෙන් සටන් බිමට පිවිසීමට තමන් සූදානම් බව යේමනයේ අන්සාරුල්ලා (Ansarullah) ව්‍යාපාරය පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක වන නීති විරෝධී ආක්රමණයන්ට එරෙහිව තම සංවිධානය පූර්ණ සීරුවෙන් පසුවන බවත්, අවශ්‍ය වුවහොත් ආක්‍රමණිකයන්ට පීඩනය එල්ල කිරීමේ මෙවලමක් වශයෙන් උපාය මාර්ගික ලෙස වැදගත් වන බබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට කටයුතු කරන බවත් තස්නිම් පුවත් ඒජන්සිය සඳහන් කරයි.
එසේම ආක්‍රමණිකයන් දමනය කිරීමට මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම තම බලකායන්ට ඉතා පහසු කාර්යයක් බව අන්සාරුල්ලා සංවිධානය අවධාරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම මීට පෙර ද රතු මුහුදේදී ඊශ්‍රායල නෞකා අවහිර කරමින් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කිරීමට මෙන්ම ඇමෙරිකානු ගුවන් යානා වාහක නෞකාවලට ප්‍රහාර එල්ල කර ඒවා පසුබැසීමට සැලැස්වීමටත් අන්සාරුල්ලා සටන්කාමීන් සමත්ව තිබුණා.
කෙසේ වෙතත් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාව නිසා ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන් තොටුපළේ කටයුතු ද සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදු වී ඇති බව සඳහන්.
එමෙන්ම පවතින තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, ඉරාන ගුවන් සීමාව ආක්‍රමණය කළ ඇමෙරිකානු එෆ්-18 ප්‍රහාරක යානයක් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මඟින් බිම හෙළා තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් ප්‍රතිරෝධී පෙරමුණට වාසිදායක ආකාරයට සමීකරණ වෙනස් කර ඇති බවත්, ඕනෑම මොහොතක සටන් බිමට පිවිසීමට තමන් සන්නද්ධව සිටින බවත් අන්සාරුල්ලා සංවිධානය වැඩිදුරටත් පවසන බව සඳහන්.