ඉදිරියට තෙල් තියෙද නැද්ද සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කරන්නේ මෙරට සාමාන්‍ය ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට අධික ඉන්ධන ප්‍රමාණයක් මේ වන විටත් ඇණවුම් කර ඇති බවයි.
පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස හදිසි ගබඩා කිරීම් (Panic buying) සිදු නොකරන්නේ නම් රට තුළ ඉන්ධන හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තොග පවතින බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ, දැනට පවතින සංචිත සහ ඉදිරියේදී ලැබීමට නියමිත ඇණවුම් අනුව එළැඹෙන මැයි මාසයේ මැද භාගය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන තොග සුරක්ෂිතව පවතින බවයි.
ජනතාව කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වැළකී සිටියහොත් වෙළෙඳපොළ තුළ කිසිදු පෝලිම් යුගයක් ඇති නොවන බවද ඔහු මෙහිදී සහතික විය.එහිදී සිය අදහස් පළ කෙරූ ඔහු සඳහන් කළේ,
"මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව ඇතුළේ තෙල් නැති දවසක් එනවා. QR කේතය තියෙන නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මාසයට පරිභෝජනය කරන ප්‍රමාණය කොහොමත් ලංකාවට එනවා.
ඒක කොතැන ද මේක ගන්නේ කියන ප්‍රශ්නය එන්නේ. වාහනයකට තෙල් ටිකක් වැඩිය ගැහුවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන තෙල් සංචිත අනුව තෙල් ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නය වෙන්නේ තෙල් ගබඩා කරන නිසයි. සමහර අය අපෙන් තෙල් බවුසර් 18ක් ඉල්ලලා තිබුණා. එයා සාමාන්‍යයෙන් බවුසර් 03ක් තමයි ගන්නේ. මොකද කියලා ඇහුවාම මාස 6කට ඕනේ කියලා කිව්වා. අපි එහෙම තෙල් ගේන්නේ නැහැ. හැමෝම මේ වගේ ලොකු ගාණක් ගත්තාම, මාස 6ට එන තෙල් ටික කොහොමත් එනවා. එකවර කට්ටියක් ගබඩා කරගත්තාම, දිනපතා තෙල් ගහන අයට තමයි දවසක් දෙකක් තෙල් නැති වෙන්නේ. සාමාන්‍ය පාරිභෝජන රටාවේ තියෙනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ."