නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපෑලට

Report

 තැපෑලට මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීම හෙට සිදු කරන බවයි.

එම මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පත්‍රිකාද මිට පෙර තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන 250කට ආසන්න ප්‍රමාණයක ඡන්දය පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අධිකරණයෙන් තහනම් නියෝග නිකුත් කළ ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බවයි.

ලබන මස 06 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

කොළඹ තැපැල් ඡන්දය ගැන විශේෂ ප්‍රකාශයක්

කොළඹ තැපැල් ඡන්දය ගැන විශේෂ ප්‍රකාශයක්