කොළඹ තැපැල් ඡන්දය ගැන විශේෂ ප්‍රකාශයක්

Report

මැතිවරණ කොමිසම පවසන පරිදි, කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වනු ඇත.

මෙයට හේතුව වන්නේ, එම ආයතනවල මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීමයි.

මේ පාර අපප්ච්චි බාල පුතා චිචීත් එක්ක අලුත් අවුරුද්ද සමරද්දී ගෝටාත් එක්වේ (PHOTOS)

මේ පාර අපප්ච්චි බාල පුතා චිචීත් එක්ක අලුත් අවුරුද්ද සමරද්දී ගෝටාත් එක්වේ (PHOTOS)

කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ, දැනට එම නඩු තීන්දු අධ්‍යයනය කරමින් මුද්‍රණාලයට දැනුම් දීමේ කටයුතු සිදු වන බවයි.

කෙසේ වුවත්, පළාත් පාලන ආයතන 227ක තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා හමාර කර ඇත.

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23, 24 දිනවල පැවැත්වෙන අතර, එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්දදායකයින්ට අප්‍රේල් 28 සහ 29 දිනවල ඡන්දය භාවිතා කළ හැකිය.

පසුගිය 7 වැනිදා, කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන 18ක ඡන්ද කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමටය.

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

නමුත්, 11 වැනිදා එම තහනම ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළ අතර, ප්‍රතික්ෂේපිත නාමයෝජනා යළි භාර ගන්නා ලෙස උපදෙස් දුන්නේය. මෙම නියෝගය නිකුත් වූයේ නීතිපතිවරයාගේ මෝසමක් සලකා බැලීමෙන් පසුවය.