“මොකක්ද මේ කොළඹ 13?” - බුද්ධික ජයරත්නගේ අලුත්ම සිනමා වැඩේට වැඩ අල්ලයි

Report

රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන බුද්ධික ජයරත්නගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන ‘කොළඹ 13’ චිත්‍රපටයේ වැඩකටයුතු සුබ මොහොතින් ආරම්භ කර තිබේ.

මෙම චිත්‍රපටයේ තිර රචනය ප්‍රවීණ තිර රචක හා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විසින් රචනා කර ඇති බව සඳහන් වේ. ආචාර්ය බන්දුල ගුණවර්ධන විධායක නිෂ්පාදනයෙන් දායක වන අතර, ආශා ලොකුවඩුගේ සහ වේරංජ ගුණවර්ධන නිෂ්පාදනයෙන් එක්ව සිටිති. ‘කොළඹ 13’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් එක්ව සිටිති.

කමල් අද්දරආරච්චි, ස්විනීතා වීරසිංහ, බුද්ධික ජයරත්න, ශේෂාද්‍රි ප්‍රියසාද්, රොජර් සෙනෙවිරත්න, දමිතා අබේරත්න, ධනංජය සිරිවර්ධන සහ ගයාන් වික්‍රමතිලක ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් ඒ අතර වෙති. කොළඹ නගරය සහ එහි ජීවන රටාව පසුබිම් කරගත් මෙම නව සිනමා නිර්මාණය පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී හෙළි කිරීමට නියමිතය. 

හේමාල් මහසෝනාගේ වෙස් ගනී - තාරුණ්‍යයේ සිහින කුමරා වෙනස්ම චරිතයකින් ළඟදීම රිදී තිරයට

හේමාල් මහසෝනාගේ වෙස් ගනී - තාරුණ්‍යයේ සිහින කුමරා වෙනස්ම චරිතයකින් ළඟදීම රිදී තිරයට

සායි පල්ලවි රන්බීර් කපූර් රඟන ‘රාමායණ’ සිනමාපටයේ පළමු ගීතය නිකුත් වෙයි - ''ප්‍රේක්ෂකයන්ට ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවාලු”

සායි පල්ලවි රන්බීර් කපූර් රඟන ‘රාමායණ’ සිනමාපටයේ පළමු ගීතය නිකුත් වෙයි - ''ප්‍රේක්ෂකයන්ට ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවාලු”