මොහතකින් මහනුවර කැළඹෙයි - ගමන් කරමින් තිබූ වාහන දෙකක් මතට හදිසියේ විශාල ගසක් කඩා වැටෙයි
By Kaushi
මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ විශාල ගසක් හදිසියේ කඩා වැටීමෙන් එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන දෙකකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (21) දින සිදුවූ මෙම අනතුරින් වාහනවල ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.
එසේම කඩා වැටුණු ගසට යටවූ වාහන දෙකෙන් එකක් වෛද්‍යවරයෙකුට අයත් එකක් බව සඳහන්.
ඊට අමතරව ගස කඩා වැටීමත් සමඟ ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී ඇත.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.