ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ බඹර ප්‍රහාරයකින් කම්කරුවෙකු මරුට- තවත් 7 දෙනෙකුට තුවාල
ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇත අද (21) දින ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ කම්කරුවන් අට දෙනෙකු මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත.
ඒ වගේම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ තේ වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් එක්වරම ඇවිස්සී මෙලෙස වැඩ කරමින් සිටි කම්කරුවන්ට පහර දී ඇති බව වාර්තා වී ඇත
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචිව සිටි 77 හැවිරිදි තිදරු පියෙකි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු වතු කම්කරුවන් 7 දෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන් වී තිබේ
මියගිය පුද්ගලයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමුකර ඇත.