ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ පක්ෂ කාර්යාලය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් - විස්තරේ මෙන්න

Report

ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ පක්ෂ කාර්යාලය වන "අපේ නිවහන" කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම වළක්වාලමින් සහ එකී දේපළෙහි භුක්තිය වෙනත් තෙවැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් ගම්පහ අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන විසින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝග දැන්වීම් අද (21) දින නිකුත් කළ බව වාර්තා වේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ පක්ෂ කාර්යාලය වන "අපේ නිවහන" දේපළ සහ පරිශ්‍රය පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් සහ නීතිවිරෝධී ආකාරයට භුක්තියේ සිටීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා කළ පැමිණිල්ලක කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව, අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

අඳාළ නියෝගයට අමතරව, විත්තිකරුවන්ට එරෙහිව අධිකරණයෙන් සිතාසි ද නිකුත් කෙෘණු බව පවසයි.

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

පැමිණිලිකරු වෙනුවෙන් ‘නීතික පාර්ට්නර්ස්’ නීතිඥවරුන්ගෙන් සමන්විත වන නීතිඥ චමීර හපුතන්ත්‍රි, නීතිඥ නිකිණි මාපිටිගම සහ නීතිඥ තනූජ සදරුවන් යන නීතිඥ මඬුල්ලේ උපදෙස් මත නීතිඥ ඉෂාන් අලවතුරගේ අධිකරණයේ අද (21) දින පෙනී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිය පැමිණිල්ලේ විත්තිකරුවන් 20 දෙනකු නම් කර තිබුණා.

ඒ සල්මල් උයන, කිරිඳිවැල පාර යක්කල පදිංචි කොස්වත්තගේ චමීර නිරෝෂක පෙරේරා, කුමාර් ගුණරත්නම්, සුජිත් කුරුවිට, වෑපිටියේ සුගතානන්ද හිමි, දුමින්ද නාගමුව, ඇතුලු විත්තිකරුවන් 20 දෙනෙක්.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අනුව, අඳාළ දේපළ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 8කට මිලදී ගත් බවත්, එය එවකට පක්ෂයේ සාමාජිකයකුගේ නමින් පක්ෂය සඳහා භාරයක් වශයෙන් පවත්වාගෙන ගිය බවත් සඳහන් කර ඇත.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

අනතුරුව එම ස්ථානය “ගම්පහ අපේ නිවහන” නමින් පක්ෂ කාර්යාලයක් වශයෙන් සංවර්ධනය කළ බවද අඳාළ පැමිණිල්ලේ සඳහන්.

ඉකුත් 2011 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගිය කණ්ඩායමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව, එම දේපළ සම්බන්ධයෙන් ආරවුලක් ඇති වූ බව පැමිණිලිකරු සඳහන් කර ඇත.

එසේම දේපළ නැවත පක්ෂයට භාරදෙන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත්, පසුගිය 2017 සැප්තැම්බර් 27 දින නීතිඥවරයෙකු මඟින් ලිඛිත දැනුම්දීමක්ද යවා තිබූ බවත් පැමිණිලෙන් සඳහන්.

ඒ සම්බන්ධයෙන් 2018 ජනවාරි 23 දින ගම්පහ දිසා අධිකරණයේ අංක 3445/L යටතේ නඩුවක් පවරා තිබෙන අතර, 2022 පෙබරවාරි 28 දින ලබාදුන් තීන්දුවකින් අඳාළ දේපළ ජනතා විමුක්ති පෙරමුණ සඳහා භාරයක් ලෙස දරනු ලබන බව තීරණය කර එය පැමිණිලිකරු වෙත පවරා දෙන ලෙස නියෝග කර ඇති බවද පැමිණිල්ලේ දැක්වෙන බව සඳහන්.

එමෙන්ම පැමිණිලිකරුගේ ප්‍රකාශය අනුව 2025 අගෝස්තු 22 දින අංක 257 දරන ඔප්පුවක් මඟින් රුපියල් මිලියන 19.57ක වටිනාකමක් සඳහන් කරමින් දේපළ පැමිණිලිකරු වෙත පවරා තිබෙන අතර, එම ඔප්පුව 2025 සැප්තැම්බර් 18 දින ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.

කෙසේ වුවද 2025 සැප්තැම්බර් මාසයේදී දේපළේ භුක්තිය ලබාගැනීමට ගිය අවස්ථාවේදී විත්තිකරුවන් විසින් ඊට බාධා කළ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් නඩු ලේඛනයේ සඳහන්.

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

පැයකට පෙර ලංකාවටම දැනුවත් කිරීමක් - අද හෙට සහ අනිද්දා වෙන්න යන දේ - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක්

එමෙන්ම පැමිණිල්ලේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති වෙනත් නඩු කටයුත්තකදී 2026 මාර්තු 30 දින භුක්තිය පිළිබඳ ආරවුල විත්තිකරුවන්ට වාසිදායක ආකාරයට තීරණය කර තිබුණද, අඳාළ නියෝගය දේපළේ නීත්‍යානුකූල හිමිකම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොවන බවත්, හිමිකම් පිළිබඳ ප්‍රශ්නය බලය ඇති සිවිල් අධිකරණයක් ඉදිරියේ විසඳාගත හැකි බවත් සඳහන් කර ඇත.

තවද මෙම නඩුවෙන් පැමිණිලිකරු ඉල්ලා ඇත්තේ, අඳාළ දේපළේ නීත්‍යානුකූල හිමිකරු සහ භුක්තිකරු තමන් බවට තීන්දු කරන ලෙසත්, විත්තිකරුවන්ට එම දේපළ සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව ප්‍රකාශ කරන ලෙසත්, ඔවුන් ඉවත් කර දේපළේ භුක්තිය තමන් වෙත ලබාදෙන ලෙසත්ය.

එසේම නඩුව අවසන් වන තෙක් දේපළේ පවතින තත්ත්වය වෙනස් කිරීම, එහි හිමිකම හෝ භුක්තිය තෙවන පාර්ශ්වයකට පැවරීම වැළැක්වීමට වාරණ සහ අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එබැවින් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය "අපේ නිවහන" කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම වළක්වාලමින් සහ එකී දේපළෙහි භුක්තිය වෙනත් තෙවැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝග දැන්වීම් නිකුත් කර විත්තිකරුවන්ට සිතාසි ද නිකුත් කර තිබෙන බව සඳහන්.

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්