පාසල් සිසුන්ට රජයෙන් ව්‍යායාම උපකරණ කට්ටල - පාසල් 500ක් වෙනුවෙන් නොමිලේ
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව උසස් මට්ටමකට ගෙන ඒම සහ සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන” යටතේ පාසල් සඳහා ව්‍යායාම උපකරණ කට්ටල බෙදා දීමේ ව්‍යාපෘතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.
යුද්ධය සුනාමිය කොරෝනා දිට්වා එක පිට එක ප්‍රශ්ණ - ලාංකිකයන් දැඬි මානසික පීඩනයට හා කම්පනයට - තිත්ත ඇත්තක් හෙළිවෙයි
ඒ අනුව දිවයින පුරා පාසල් 500 කට රුපියල් මිලියන 65කට අධික වටිනාකමින් යුත් ව්‍යායාම උපකරණ කට්ටල බෙදාදීමේ පළමු අදිරය අද (21) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුවිය.
2024 අයවැය ප්‍රතිපාදන මඟින් ආරම්භ වූ මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙහි ප්‍රථම අදියර ලෙස 2024 වසරේදී රුපියල් මිලියන 408 ක පිරිවැයකින් පාසල් සඳහා නව පැතිවිකට් 273 ක් සහ ක්‍රීඩාපිටි 76 ක් ඉදිකර තිබේ.
එහි දෙවන පියවර ලෙස 2025 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාව අලුතින් ආරම්භ කළ පාසල් 325 ක් සඳහා රුපියල් ලක්ෂ 3.5 ක් පමණ වටිනා ක්‍රිකට් උපකරණ කට්ටල ලබා දුන් අතර, එහි තවත් අදියරක් ලෙසයි රුපියල් ලක්ෂයකට වඩා වටිනා ව්‍යායාම උපකරණ කට්ටල ලබා දීම මේ වන විට සිදු වේ.
ග්‍රාමීය පාසල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, කිසිදු බාහිර මැදිහත්වීමකින් තොරව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ දිවයින පුරා පාසල් 500 ක් මේ සඳහා තෝරාගෙන ඇත.
අද දින සිදු කළේ එම පාසල් 500 අතුරින් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 48 ක් සඳහා උපකරණ කට්ටල බෙදා දීමයි.