අම්බලන්ගොඩ - කහව මංසන්ධිය නොසන්සුන් වෙයි - පුද්ගලයෙක්ට වෙඩි තැබීමට උත්සාහයක්
අම්බලන්ගොඩ - කහව මංසන්ධිය ප්‍රදේශයේදී අද පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කිසියම් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සහ කර ඇති බව පොලිසිය පවසන බව වාර්තා වේ.
ඒ අනුව වෙඩි තැබීමට ඉලක්ක ගතවූ පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි ඔවුන් ගිනි අවියක් එල්ල කළ බවත් එහිදී තමන් පලාගිය බවත් ය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.