රුපියලට තවත් පීඩනයක්ද? බැංකු කිහිපයක ඩොලර් මිල ඉහළට - අද බැංකු අනුපාතිකවල වෙනස මෙන්න

Report

බදාදා දිනයට සාපේක්ෂව අද (29) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික ඉහළ ගොස් තිබේ. ඒ අනුව, ඇතැම් බැංකුවල ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 337 සීමාව ද ඉක්මවා ගොස් ඇත.

සෙලාන් බැංකුවේ (Seylan Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.05ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 337.30ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 327.90 සිට රුපියල් 328.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රුපියල් 336.90 සිට රුපියල් 337.00 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් අනුපාතිකය රුපියල් 328.40 සිට රුපියල් 328.45 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රුපියල් 336.54 සිට රුපියල් 336.59 දක්වා ඉහළ ගොස් ඇත.

කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 326.33 සිට රුපියල් 326.58 දක්වා ඉහළ ගොස් තිබේ.

එහි විකුණුම් අනුපාතිකය ද රුපියල් 336.25 සිට රුපියල් 336.50 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, සම්පත් බැංකුවේ (Sampath Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.50ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 336.50ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි - බැංකු මට්ටමේ අලුත්ම විනිමය අනුපාත මෙන්න

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි - බැංකු මට්ටමේ අලුත්ම විනිමය අනුපාත මෙන්න

ඇමෙරිකාවෙන් ඉරානයට හදිසි ලිපියක් - මැදපෙරදිග සාම සාකච්ඡා අස්සේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහතට

ඇමෙරිකාවෙන් ඉරානයට හදිසි ලිපියක් - මැදපෙරදිග සාම සාකච්ඡා අස්සේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහතට