ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ
පොලිස් සේවයේ පවතින පුරප්පාඩු සැලකිල්ලට ගෙන ඉදිරියේදී නව බඳවා ගැනීම් රැසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව පොලිස් සේවය සඳහා නව පොලිස් නිලධාරීන් 2,500 ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඒ අනුව, පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් එලෙස බඳවා ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
එම පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව, ඉදිරියේදී තවත් පොලිස් නිලධාරින් 2,500 ක් බඳවාගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.