ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒ අනුව 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු ජාත්‍යන්තර ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය "විරෝධතා නොමැති බවේ සහතිකය" (NOC) තමන් වෙත නිකුත් කරන ලෙස ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු එමගින් ඉල්ලා සිටියි.
ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පැමිණිල්ල අද (02) අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
ඒ අනුව එහිදී කරුණු සලකා බැලූ අධිකරණය, අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ අතර පැමිණිල්ල නැවත අප්‍රේල් මස 09 වනදා කැඳවීමට තීරණය කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා යන මහත්වරුන් නම් කර තිබේ.