ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන ගැන දැනුම්දීමක් - අප්‍රේල් 5 තීරණයක්
ඉවුම් පිහුම් ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන 5 වන දින නිකුත් කරන බව ලිට්රෝ සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව නව මිල සංශෝධන ලැයිස්තුව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව ලිට්රෝ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු පසු නව මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරන බව ලිට්රෝ සභාපතිවරයා පැවසීය. එතෙක් වත්මන් විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඔහු පැවසීය.
මේ අතර, ලිට්රෝ සභාපති චන්න ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් ඉවුම් පිහුම් ගෑස් තොගයක් පවතින බවයි.