දින 10ක් තුල පැමිණි සංචාරක සංඛ්‍යාව ඉහළට
2025 ජුනි මාසයී ගතවූ පළමු දින 10 තුළදී පමණක් සංචාරකයින් 43,962ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම වසරේ ගතවූ කාලය තුල මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සඳහන් කලේ.
මෙරටට ඉන්දියාව , එක්සත් රාජධානිය , බංග්ලාදේශය , ජර්මනිය , චීනය , ඕස්ට්‍රේලියාව යන රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා.