17 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත සමාජ මාධ්‍යයට ලීක් කළ සිදු වීම මෙන්න..

Report

දාහ හත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි (18) හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියකට යමින් සිටියදී මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ සිට පැමිණි 17 හැවිරිදි පාසැල් සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර, පෙම්වතා කිසියම් ඖෂධ වර්ගයක් පානය කරන බව දැන ගෙන ඒ පිළිබඳව විපරම් කිරීමේදී පෙම්වතාට නිදන්ගත රෝගයක් හට ගෙන ඇතැයි දැනගැනීම නිසා ප්‍රේම සම්බන්ධතාවය නවතාලීමට පාසල් සිසුවිය කටයුතු කර ඇත.

ඔබත් මේ ලග්න 03නේ නම් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැත්නම් අමාරුවෙ වැටෙයි..

ඔබත් මේ ලග්න 03නේ නම් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැත්නම් අමාරුවෙ වැටෙයි..


පසුව ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර මේ බව දැනගත් අදාල තරුණයා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යමින් සිටි කාලයේදි වීඩියෝ ඇමතුම් මගින් ලබා ගන්නා ලද පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ස්ක්‍රීන්ෂොට් මාර්ගයෙන් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන බවයි වාර්තා වන්නේ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මෙම ඡයාරූප අදාල සිසුවියගේ මිතුරියන් කිහිප දෙනෙකු දැක අදාල සිසුවියට දැන්වූ පසු මේ සම්බන්ධව පොලීසියට කල පැමිණිලිලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.