2030 වෙද්දි සඳ මත ඉදි කරන්න යන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය

United States of America NASA Latest Headlines International Space Station Sinhala news
By Kaushi Aug 06, 2025 08:12 AM GMT
Kaushi

Kaushi

Report

විදෙස් මාධ්‍ය අමෙරිකානු අභ්‍යවකාශ නියෝජන ආයතනය වන නාසා ආයතනය, 2030 වසරේදී සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීමට සැලසුම් ඉක්මන් කරමින් සිටින බව පවසයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳ මත ස්ථිර මිනිස් කඳවුරක් පිහිටුවීම වෙනුවෙන් වන එක්සත් ජනපදයේ දැක්මට අයත් කොටසක් බව සඳහන්.

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල

එසේම චීනය සහ රුසියාව ද 2035 වන විට ස්වයංක්‍රීය න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එම රටවල් සඳ මත නිරෝධායන කලාපයක් පවා ප්‍රකාශයට පත් කළ හැකි බව නාසා හි වැඩබලන ප්‍රධානියා විදෙස් මාධ්‍යට කියා තිබෙනවා.

කෙසේ වුවද නාසා ආයතනය මුහුණ දී ඇති අයවැය සීමාවන් සහ මෑත කාලීන ව්‍යාපෘති කප්පාදුවලින් අනතුරුව මෙම ඉලක්කය සහ කාලසීමාව සැබවින්ම සාර්ථක විය හැකිද යන්න සම්බන්ධයෙන් විශේෂඥයින් අතර තවමත් සැකය පවතින බව ද සඳහන්.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර ලෙස 2022 දී නාසා ආයතනය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් නිර්මාණය කිරීමට පුද්ගලික සමාගම් තුනකට ඩොලර් මිලියන 5ක වටිනාකමක් ඇති කොන්ත්‍රාත් ලබාදුන් බවද වාර්තා වේ. විද්‍යාඥයන්ගේ මතය වන්නේ සඳ මත අඛණ්ඩ බලශක්ති සැපයුමකට න්‍යෂ්ටික ශක්තිය වඩාත් විශ්වාසදායක විසඳුමක් වන අතර, සමහර අවස්ථාවලදී එය එකම විකල්පය විය හැකි බවයි.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

එසේම එක් චන්ද්‍ර දිනයක් පෘථිවියේ සති හතරක කාලයක් වන අතර, එය සති දෙකක දිවා කාලයක් සහ සති දෙකක රාත්‍රි කාලයක් වශයෙන් පවසයි.

මෙම නිසා සූර්ය බලශක්තිය මත පමණක් යැපීම අභියෝගාත්මක වන අතර, න්‍යෂ්ටික බලශක්තිය මෙහි විකල්පයක් ලෙස හඳුන්වයි.

කෙසේ වුවද චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය වැනි රටවල් සඳ මත මිනිස් ජීවිතයට සුදුසු පරිසරයක් සොයා ගැනීමට උත්සාහ කරන බැවින් ඉදිරියේදී මෙවැනි තාක්ෂණික පියවර වැදගත් මඟපෙන්වීම්වලට හේතු විය හැකි බව සඳහන්. 

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ReeCha