මාලිමාවට සුපිරි ජයක් ලැබෙද්දි ඒකාබද්ධ විපක්ෂයට අන්ත පරාජයක්
සීමාසහිත කඹුරුපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නිලවරණයෙන් අධ්‍යක්ෂ ධුර 07 දිනා ගනිමින් එහි බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම සමත්ව ඇත.
ඒ අනුව එම සමිතියේ නව සභාපතිවරයා වශයෙන් සමන් බන්දුල මහතා තේරී පත්වූ බව වාර්තා වේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමට එක ධුරයක්වත් හිමි වී නොමැති බව සඳහන්.
එසේම මීට පෙර පැවැත්වු කඹුරුපිටිය සමුපකාර සමිතියේ කාරක සභා නිලවරණයෙන් ද බහුතර බලය දිනා ගැනීමට අද (07) ජයග්‍රහණය කළ කණ්ඩායම සමත්ව තිබුණා.