Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැදී - මෝදිගේ Facebook වීඩියෝව අවහිර කරලා
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ කෙටිකාලීනව අවහිර කරනු ලැබීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැද තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම වීඩියෝව පද්ධතියෙන් ඉවත් වී ඇති බවයි. අදාළ අන්තර්ගතය වැරදීමකින් ඉවත් වී තිබූ අතර එය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව මෙටා ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.
අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න
අගමැති මෝදිගේ මෙම ෆේස්බුක් වීඩියෝව තාවකාලිකව අවහිර වීමත් සමඟ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙටා සහ ඉන්ස්ටග්‍රෑම් හි ගෝලීය ප්‍රධානීන් කැඳවීමට ද කටයුතු කර තිබුණි.
ජූලි 23 වනදා සමාජ මාධ්‍ය වෙත උඩුගත කරන ලද මෙම වීඩියෝව මඟින්, 'කොක්රෝච් ජනතා පක්ෂය' විසින් සංවිධානය කරන ලද ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර අගමැති මෝදි 'Gen Z' (නව පරම්පරාව) තරුණ තරුණියන් වෙත විශේෂ පණිවිඩයක් ලබා දී තිබුණි.
එහිදී විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම මැඩපැවැත්වීම සඳහා වඩාත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ඇතුළු පියවර රජය මඟින් ඉක්මනින් ගන්නා බවට අගමැතිවරයා තරුණ ප්‍රජාව වෙත සහතික වී තිබුණි.