ජනාධිපති මන්දිර ආයෝජකයන්ට බද්දට
සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා ජනාධිපති මන්දිර ලබා දීමට කැබිනට් අනුමැතිය සංචාරක ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනේ පිහිටි ජනාධිපති මන්දිර කිහිපයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මෙම ජනාධිපති මන්දිර පවත්වාගෙන ගියද, වත්මන් ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා ඒවා භාවිත කරනු නොලබයි.
අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න
ඉතා ඉහළ වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකමකින් යුත් මෙම මන්දිර අංගසම්පූර්ණ පහසුකම්වලින් සහ ආකර්ෂණීය පරිශ්‍රයන්ගෙන් සමන්විත වේ.
දැනට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මෙම මන්දිර නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම හා අනෙකුත් නඩත්තු කටයුතු සඳහා සැලකිය යුතු රාජ්‍ය මුදලක් වැය කිරීමට සිදුව තිබේ.
එබැවින්, රජය සතු බංගලා, නිවාස සහ ජනාධිපති මන්දිර ආර්ථික වශයෙන් ඵලදායී ලෙස භාවිත කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා දීමට පත් කළ කමිටුවේ නිර්දේශ සලකා බලමින් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති සඳහා යොදවා ගැනීම පිණිස යෝජනා කැඳවා, සුදුසු ආයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත පැවරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.